வகைப்படுத்தப்படாத

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

(UTV|කොළඹ)  මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු පැය භාගයකට සිමා කර තිබේ.

මන්ත්‍රීවරු සභාවේ මේස පුටු පෙරලාගෙන න්‍යාය පත්‍ර විසි කරමින් මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සභාපතිවරයාගෙන් විශේෂ සභාවක් කැඳවන ලෙස ඉල්ලා තිබුණු යෝජනාවකට අනුව මෙම විශේෂ සභාව කැඳවා තිබුණි.

උදෑසන 10.00 ට පමණ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ අනුර චන්දන ජයවන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාව රැස්වී තිබේ.

විපක්ෂය විසින් විශේෂ සභාවට ඉදිරිපත් කරන ලද යෝජනා වලට බාහිරව ,සභාපතිවරයා විසින් එදින න්‍යාය පත්‍රයට වෙනත් යෝජනා ඉදිරිපත් කර ඇති බව පවසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිය විරෝධතාවය පල කර ඇත.

අසුන් වලින් නැගිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපතිවරයාට සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා කර අතර සිය යෝජනා නොමැතිව සභාව පවත්වාගෙන යෑමට නිතීමය හැකියාවක් සභාපතිවරයාට නොහැකි බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු විරුද්ධ වෙමින් සභාපතිවරයාගෙන් එදින විපක්ෂය ඛෙදිමක් ඉල්ලා සිටින්නට විය.

නමුත් ඊටද සභාපතිවරයා ඇතුලූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විරුද්ධ විම නිසා මෙම උණුසුම් තත්ත්වය තව තවත් වැඩි වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Peradeniya Uni. Management Faculty to reopen next week

President’s fmr chief of staff & ex-STC chairman served indictments

பணிப்புறக்கணிப்பு தினம் குறித்து இன்று தீர்மானம்