வகைப்படுத்தப்படாத

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම යළි සළකා බැලීම අද(03) උදෑසන 9.30 දක්වා  කල් තැබුණි.

අද මෙම පෙත්සම විභාගය අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකෙරුණු අතර ඊට අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරු ඇතුළත් වුහ.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙය ජනාධිපතිවරයාගේ තීරණයක් බැවින් එය අභියෝගයට ලක් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවයි.

එබැවින් මෙවැනි පෙත්සමක් විභාග කිරීමේ බලය අභියාචනාධිකරණයට නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔහුට හිමිවී ඇති බලතල ප්‍රකාරව බව පෙන්වා දුන් නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය අනුව ඕනෑම අයෙකුට එම තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි බවද පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

மணல் புயல் காரணமாக சீனாவில் கடும் பாதிப்பு

Iran bent on breaking N-treaty

இலங்கை, இந்தியாவுக்கும் இடையில் நிலவும் கடற்றொழிலாளர் பிரச்சினைக்கு காரணம் இதுவா?