வகைப்படுத்தப்படாத

මරණීය දණ්ඩනයට එරෙහි පෙත්සම විභාගය යළිත් හෙට දිනට කල් යයි

(UTV| කොළඹ) – මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම හෙට(04) දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද(03) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර,ජනක් ද සිල්වා, අචල  වෙංගප්පූලි, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළි කරුණු සලකා ලැබීය.

මෙහිදී පෙත්සම්කාර මාලින්ද සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරාන් ඇන්කටෙල් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ පුද්ගලයකුට පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය, වේලාව සහ ස්ථානය නියම කිරීම පමණක් බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට කල් දැමුණු අතර එහිදී රජයේ නීතිඥවරයා විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

National Security Advisory Board appointed

நிதி மற்றும் ஊடகத்துறை அமைச்சர் , ஊடகத்துறை அமைச்சில் தனது கடமைகளை ஆரம்பித்தார்

முதளைப்பாளி, 90 ஏக்கர், அல் – ஹஸனாத் பாலர் பாடசாலையின் விடுகைவிழா!