வகைப்படுத்தப்படாத

මදුෂ්ගේ හා කංජිපානිගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකු අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(23) වන දා උදෑසන 10.40 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු අරුණළු ප්‍රදේශය, කුරුන්ද පාර, දර්ගානගරය යන ලිපිනයේ පදිංචි ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නැමැත්තෙකි.

සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

17 மாணவர்களை கொடூரமாக கொலை செய்த மாணவனின் அதிர்ச்சி பின்னணி

Taylor Swift traces her life story with NY gig

மன்னிப்பு கோரிய சக்கர்பேக்