வகைப்படுத்தப்படாத

ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව දෙසැම්බරයට කල් යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය දෙසැම්බර් 03 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ , අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

නමුත් එම නඩුවේ විත්තිකරුවන් අටදෙනකු අදාළ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට මහාධිකරණය මගින් අත්හිටවූ සිර දඬුවම් සහ දඩ නියම කරනු ලැබූ අතර , ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එයට එරෙහිව පමණක් එම නඩු විභාගය පැවැත්වේ.

Related posts

அமெரிக்காவின் கலிபோர்னியாவில் இரண்டாவது முறையாகவும் நிலநடுக்கம்

Police investigate death of ten-month old twins

சமத்துவத்தை அடிப்படையாகக் கொண்ட புதியதோர் தேசத்தில் சமாதானமும் சுபீட்சத்துடனும் வாழும் பாக்கியம் எமக்கு கிட்ட வேண்டும் – ஜனாதிபதி