வகைப்படுத்தப்படாத

ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්. චාපෝ බුස්මාන්ට වසර 30 ක සිර දඩුවම්

(UTV| කොළඹ) – මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්. චාපෝ බුස්මාන් නැමැත්තාට වසර 30 ක සිර දඩුවම් ලබාදීමට අමෙරිකානු අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

62 හැවිරිදි ගුස්මාන් පෙබරවාරි මාසයේ නිව්යෝක්හි ෆෙඩරල් උසාවියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 10 කට වැරදිකරු විය.

ඔහු 2015 දී උමගක් හරහා මෙක්සිකානු බන්ධනාගාරයකින් පැන ගිය නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු 2017 දී එක්සත් ජනපදයට පිටුවහල් කරන ලදී.

පසුගිය දිනක නැවතත් සිදුකළ දැවැන්ත මෙහෙයුමකදී බුස්මාන්ව අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු නාවික හමුදාව සමත් විය. ඔහු සමග තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දස දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.

2009 දී ගුස්මාන් ෆෝබ්ස් හි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට 701 ​​වන ස්ථානයට ද පත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් අගමැති හමුවෙයි

இலங்கை கடலில் இதுவரை 20 கப்பல்கள் மூழ்கியுள்ளன

Wellampitiya factory employee re-remanded