வகைப்படுத்தப்படாத

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இளம் பிக்குமார் அமைப்பு மற்றும் பிரதமருக்கிடையில் சந்திப்பு – [VIDEO]

UAE offers 100% foreign ownership in 122 economic activities

மீண்டும் எரிபொருள் தட்டுப்பாடு ஏற்படும் அபாயம்?