வகைப்படுத்தப்படாத

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි

(UTV| කොළඹ) – ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙල අද (17) පස්වරුවේ පැවැත්වේ.

ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය.

2017 වසරේ ජනවාරි සිට 2018 වසරේ දෙසැම්බර් දක්වා කාලසීමාව තුළ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ  කී‍්‍රඩාව වෙනුවෙන් විශේෂ කැප කිරීමක් සහ විශාල කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයින් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.

ක‍්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකළ ආදර්ශවත් ක‍්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම සම්මානද මෙහිදී පිරිනැමීමට නියමිත අතර එම විශිෂ්ට සම්මාන නම් කර ඇත්තේ කී‍්‍රඩා දේශෝත්තර, ක‍්‍රීඩා රත්න, කී‍්‍රඩා භූෂණ හා ක‍්‍රීඩා ප‍්‍රභා යන්නය.

තවද ජනප‍්‍රියම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, නැගී එන යොවුන් ක‍්‍රීඩකයා හා ක්‍රීඩිකාව මෙවර තෝරා ගනු ලබන්නේ ජනතාව යොමු කරන කෙටි පණිවිඩ මගින්. එම සෑම අංශයකටම පැරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළත් කර ඇත.

වසරේ ක‍්‍රීඩා විශිෂ්ටයා, වසරේ දක්ෂතම ක‍්‍රීඩා කණ්ඩායම, සුවිශේෂී ප‍්‍රතිඵල අත්කරගත් වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව, වසරේ දක්ෂතම කී‍්‍රඩකයා, වසරේ දක්ෂතම පැරා කි‍්‍රඩිකාව හා දක්ෂතම පැරා ක‍්‍රීඩකයා සඳහාද අද සම්මාන පිරිනැමේ.

ඊට අමතරව වසරේ කනිෂ්ඨ කී‍්‍රඩා කණ්ඩායම, වසරේ හොඳම කනිෂ්ඨ කී‍්‍රඩිකාව හා කනිෂ්ඨ ක‍්‍රීඩකයාටද ජනාධිපති කී‍්‍රඩා සම්මාන උළෙලේදි සම්මාන පිරිනැමීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

Related posts

அமெரிக்கா ஜனாதிபதி டொனால்ட் ட்ரம்பினால் தேசிய அவசரகாலநிலை பிரகடனம்

Sri Lanka all set for Expo 2020 Dubai

ஓரினச்சேர்க்கையாளர்களுக்கு புதிய சட்டம் அறிமுகம்?