வகைப்படுத்தப்படாத

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර තත්වයක් වර්ධනය වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත්, 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරුවේ වැසි ඇති වීමේ හැකියාව පවතියි.

මාස 06 කට අධික කාලයක් පොළොන්නරුවට පැවති වියලි කාලගුණ තත්ත්වය නිමා කරමින් වැලිකන්ද ප්‍රදේශයට සහ ඒ අවට ගම්මාන කිහිපයකට ඊයේ පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලී ඇති බව ද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසීම් තාජුඩීන් ඝාතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර්යේදී.

Ranjan apologizes to Maha Sangha for his controversial statement

கொரோனா தொற்றாளர்களின் எண்ணிக்கை 117 ஆக உயர்வு