කලා

Brad Pitt සහ George Clooney නැවතත් එකම නිර්මාණයකින්

(UTV | කොළඹ) – Apple Studios නිෂ්පාදනය කරන්නට නියමිත තවත් massive project එකක් ගැන විස්තරයක් පසුගිය සතියේදී මාධ්‍යයට හෙළිවුනා. හොලිවුඩයේ දැවැන්තම රංගන ශිල්පීන් දෙදෙනෙකු වන Brad Pitt සහ George Clooney යොදා රූපගත කිරීමට බලාපොරොත්තු වන මෙහි නිෂ්පාදන පිරිවැය විශාල වටිනාකමක් වනු ඇතැයි රසිකයින් අදහස් පළකරනවා. ඒ වගේම මෙහි නිෂ්පාදන කටයුතු Apple Studios යටතට ගැනීමට වෙනත් ස්ටුඩියෝ හා තියුණු තරඟයක යෙදෙන්නට සිදුවූ බවටත් අන්තර්ජාලයේ සඳහන් වනවා. ඒ අතරේ Netflix, MGM, Universal, Warner Bros, Lionsgate වැනි දැවැන්ත සිනමා ආයතන රැසකුත් තිබිලා තියෙනවා. කෙසේ නමුත් අවසානයේදී මින් ජය ගන්නට සමත් වූයේ Apple සමූහයයි.

Hollywood Reporter වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම චිත්‍රපටයේදී “lone wolf fixers” දෙදෙනෙක් ලෙස Brad සහ Clooney චරිත නිරූපණය කිරීමට නියමිතව තිබෙනවා. . නමුත් මේ A-Grade නළුවන් දෙදෙනාගේ ඉල්ලීම පරිදි මුල් පිටපතෙහි වෙනස්කම් කිහිපයක් කරන්නටත් අධ්‍යක්ෂකවරයාට සිදුවී තිබෙන සඳහන්. චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීමට නිෂ්පාදක කණ්ඩායම සූදානම් බවට වැඩිදුරටත් පැවසෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට අමතරව මෙහි නිෂ්පාදනය සඳහාත් Brad සහ Clooney එක්ව තිබෙනවා. ඒ ඔවුන්ගේ සිනමා නිෂ්පාදන ආයතන වන Plan B Entertainment සහ Smokehouse Pictures වෙනුවෙන්.

මේ නිර්මාණයට පෙර කිහිප වතාවකදීම Brad Pitt සහ George Clooney යන විශිෂ්ට රංගන ශිල්පීන් දෙදෙනාගේ සුසංයෝගයන් ප්‍රේක්ෂකයින්ට දැකගන්නට ලැබී තිබෙනවා. ඒ අතුරින් Ocean’s චිත්‍රපට මාලාව විශේෂයි. එම චිත්‍රපට මාලාවේ මුල් නිර්මාණ ත්‍රිත්වය හෙවත් Ocean’s trilogy හිදි Brad Pitt සහ George Clooneyගේ දක්ෂ රංගනය මනාව කැපී පෙනුනා. දැනට ලැබෙන ආරංචි අනුව මෙම නිර්මාණය action thriller ශානරයට අයත් නිර්මාණයක්. මෙහි තිර රචනය වගේම අධ්‍යක්ෂණය සිදු කරන්නේත් Jon watts විසින්. Apple Original Film වූවත් Direct OTT platform එකකින් නිකුත් කරන්නට පෙර සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා චිත්‍රපටය යොමු කරන්නත් ඔවුන් ගිවිසුම්ගත වී තිබෙනවා. කෝවිඩ් වසංගතය මධ්‍යයේ වුනත් සිනමාශාලා සඳහා නිකුත් කළ Marvel සිනමාපට ලබා ගත් box-office සාර්ථකත්වය නිසාම නිෂ්පාදකයින් මේ තීරණයට එළඹුනා වන්නත් පුළුවන්. තවත් පැත්තකින් මෙහි අධ්‍යක්ෂකවරයා වන Jon Watts සෘජුවම marvel සිනමා විශ්වයට සම්බන්ධ පුද්ගලයෙක්. Tom Holland රංගනයේ යෙදෙන Spider Man චිත්‍රපට ත්‍රිත්වයේම අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි. ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබෙන Spider Man: No Way Home සිනමාපටයත් Jon Wattsගේ අධ්‍යක්ෂණයක්. ඔහුගේ මූලිකත්වයෙන් යුතුව නව Fantastic Four සිනමාපටයක වැඩ කටයුතු ආරම්භ වී තිබෙන බවකුත් දැන් සනාථ වෙලා තිබෙනවා.

රංගන ශිල්පී Brad Pittව අවසාන වතාවට දකින්න ලැබුනේ 2019 වසරේදී තිරගත වුනු Once Upon a Time in Hollywood සහ Ad Astra චිත්‍රපට ද්විත්වයෙනුයි. Once Upon a Time in Hollywood හි රංගනය වෙනුවෙන් එම වසරේ හොඳම සහාය රංගන ශිල්පියාට හිමි ඇකඩමි සම්මානය හිමි කර ගත්තේත් Brad Pitt විසින්මයි. The Lost City of D, Bullet Train නිර්මාණ තුළිනුත් ඉදිරි කාලයේදී Brad Pittගේ රංගනය දැකගත හැකියි. වසර කිහිපයක නිහැඬියාවකින් පසු 2020 වසරේදී The Midnight Sky හරහා නැවතත් රංගනයට පැමිණි George Clooney රංගන ශිල්පියෙකුට අමතරව සම්මානිත චිත්‍රපට කිහිපයක අධ්‍යක්ෂකවරයෙක්. සමාජ ක්‍රියාකාරිකයෙකු විදිහටත් ප්‍රසිද්ධ ඔහු ඇතැම් අවස්ථාවන්වලදී ඇමරිකානු දේශපාලනයටත් වක්‍රව සම්බන්ධ වී තිබෙනවා. 2012 වසරේදී වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් ඇකඩමි සම්මානයට පාත්‍ර වූයේ ඔහු නිෂ්පාදනය කළ Argo සිනමාපටයයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top