ප්‍රමුඛ පුවත 1

“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියල කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි”හිටපු ජනපති

(උදයම්,කොළඹ) – විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති ‍මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ නුගේගොඩදී පැවති රැළියට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සි‍ටියේ .

වංචාකාරී ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටී.එයට විරුද්ධව නැඟී සිටිය යුතු බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

වර්තමානය වන විට විශාල ණය අර්බුදයක් රට තුළ නිර්මාණය කරඇති අතර එයට තමන් විසින් ඇති කල එකක් බවට චෝදනා නඟන බවත් ඔහු කියා සිටියේය.

තමා ණය ලබා ගත්තේ රට සංවර්ධනය කිරීමට මිස පෞද්ගලික වුවමනාවකට නොවන බවත් එහි ප්‍රතිඵල ජනතාව දැන් භුක්ති විදින බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 නමුත් වර්තමාන ආණ්ඩුව විසින් විශාල වශයෙන් ණය ලබා ගත්තද කළ කිසිවක් නොමැති බව ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ “මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා මම ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ” .

“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුනත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි.අපේ රජය ගත්තේ දීර්ඝකාලීන ණය.ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කරණ එක පමණයි . දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ ආණ්ඩුවට පුළුවන් එච්චරයි” යැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top