දේශීය

මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කෙරේ

(UTV | කොළඹ) – මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කර ඇති බව වාර්තා වනවා.

ඒ අතරින් 41ක් නව ගිවිසුම් වන අතර 82ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් වන බවයි සඳහන් වන්නේ.

අද (02) පැවැති මාධ්‍ය හමුවකදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මේ බව පැවසුවා.

ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top