විනෝදාත්මක

Sai Pallavi ගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම

(UTV | ඉන්දියාව) – Udugula Venuගේ අධ්‍යක්‍ෂණයෙන් සහ D. Suresh Babuගේ නිෂ්පාදනයක් වන Virata Paravam නම් තෙලිඟු චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිතයි. සුරූපි නිළි Sai Pallavi සහ Rana Daggubati ප්‍රධාන චරිතයන් සඳහා එක්වන මෙම චිත්‍රපටයේ ඇතුළත් ඉතාම සුන්දර ගීතයක් වන කොලු කොලූ (Kolu kolu) නම් ගීතයෙහි වීඩියෝ පටය පසුගිය 25 වැනිදා එළි දැක්විණි.   

එම වීඩියෝව තුළ අඩක් සාරි විලාසිතාවක් සහිත විසිතුරු ඇඳුමකින් සැරසුණු සායි පල්ලවී දර්ශනීය ස්ථානයක නර්තනයේ යෙදෙමින් සිටින කොටසක් ඇතුළත් වනවා.  එසේ නර්තනයේ යෙදෙන සායි පල්ලවීගේ රුව සහිත මනරම් පෝස්ටර් එකක් පසුගියදා නිෂ්පාදකයන් විසින් අන්තර්ජාලයට නිකුත් කොට තියෙනවා. ඒත් සමඟ මෙම පෝස්ටර් එක සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණු බවත්, එවැනිම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් Virata Parvam චිත්‍රපටය සඳහාත් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top