දේශීය

පාකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා සහ අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය – දළ විශ්ලේෂණයක්

(UTV | කොළඹ) – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ජනතාව අතර සම්බන්ධතාවය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගෙන යනු ලැබේ. පාකිස්තානයේ සමහර ප්‍රදේශවල බුද්ධාගම සමෘධිමත් විය. ඉස්ලාමයේ මුල් අවදියේදී මැද පෙරදිග හා යුරෝපයට කුළුබඩු සහ මැණික් රැගෙන ගිය ඉස්ලාමීය වෙළෙන්දෝ එවකට “සෙරන්ඩිප්” ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාවත් එක්ක ඉතා සමීප සම්බන්ධතාවය පවත්වා ගෙන ගියෝය.   

නිදහස ලැබූ දා සිට දෙරටම මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත. 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකා නිදහස් දින පණිවිඩයේ කයිද් – අසාම් මුහම්මද් අලි ජින්නා පාකිස්තාන – ශ්‍රී ලංකා සබඳතා ගැන මෙසේ සඳහන් කළේය.” “පාකිස්තානයට ශ්‍රී ලංකාව කෙරෙහි විශාල සුහදතාවක් ඇත. තවද, අනාගතයේදී මෙම සුහදතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇත. අන්‍යෝන්‍ය අවබෝධය නිසා දෙරට මිත්‍රත්වයට තවදුරටත් ශක්තිමත් වනු ඇත.”

1971 දී නැගෙනහිර පාකිස්තානයේ පැවති යුද්ධයේදී ඉන්දියාව පාකිස්තාන ගුවන් ගමන් තහනම් කළ විට එවකට ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය පාකිස්තාන ගුවන් යානා 174 වතාවක් කොළඹින් ඉන්ධන පිරවීමට අවසර දුන්නේය. මෙය, එම වසර මුලදී සිරිමාවෝ රජයට එරෙහිව වාමාංශික අන්තවාදී නැගිටීමක් මැඩපැවැත්වීම සඳහා සිය යානය යවා ඇති ඉන්දියාව, ශ්‍රීලංකාව තමන්ට කළ ද්‍රෝහීකමක් ලෙස සලකයි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ ප්‍රධාන සාධකය පකිස්ථාන-ශ්‍රී ලංකා මිලිටරි සබඳතා ය. 2000 දී එල්ටීටීඊ යාපනයට ඇතුළු වී උතුරේ ශ්‍රී ලංකා හමුදා ස්ථාන දෙසට “ඔපරේසන් සීස්ලෙස් වෙව්ස්” නමින් රජයේ හමුදා වට කර ගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට “මල්ටි බෙරල් රෝකෙට්” ආයුධ අවශ්‍ය විය.පාකිස්තානය ගුවන් මගින් ආයුධ ගෙනැවිත් ඒවා ශ්‍රී ලංකා රජයට භාර දුන්නේය. 2006 දී එල්ටීටීඊය පාකිස්තාන මහ කොමසාරිස් බෂීර් වලි මොහොමඩ් ඝාතනය කිරීමටද උත්සාහ කළේය.

2009 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් මිලියන 25 ක් වටිනා මිලිමීටර් 81, මිලි මීටර් 120 සහ මිලිමීටර් 130 මෝටාර් පතොරම් මාසයක් ඇතුළත සැපයිය යුතු බව ඉල්ලා සිටියේය.ජනාධිපති අසිෆ් අලි සර්දාරි 2010 නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී පාකිස්තානයේ අල්-කාලිඩ් ප්‍රධාන යුද ටැංකි, සැහැල්ලු ආයුධ සහ පතොරම් සහ චීන – පකිස්ථාන හවුල් ජේ. එෆ් -17 තන්ඩර් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමට උනන්දු වී තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතූ අතර ඔහුට පාකිස්තානයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම ආරාධනය පිළිගත්තේය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ මිත්‍ර සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. මෙයට හේතුව, බලයේ සිටින ශ්‍රී ලංකා ආන්ඩුව කුමක් වුවත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නොසන්සුන් බවක් දැනී ඇති බැවිනි.

පාකිස්තානය දැන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා භටයින් පුහුණු කරයි. තවද, එය ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දක්වයි.කෙසේ වෙතත්, පාකිස්තාන-ශ්‍රී ලංකා සබඳතා තවමත් ආර්ථික වශයෙන් වර්ධනය වී නොමැත.පකිස්ථානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළ පළමු රට ශ්‍රී ලංකාවයි. එය 2005 ජුනි 12 වන දින සිට ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

පාකිස්තානයේ ශ්‍රී ලංකාවට අපනයනය 2004 දී ඇමරිකානු ඩොලර් මිලියන 97 සිට 2018 දී ඇමරිකානු ඩොලර් මිලියන 355 දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අතරම, ශ්‍රී ලංකාවේ පාකිස්තානයට අපනයනය 2004 දී ඇමරිකානු ඩොලර් මිලියන 47 සිට 2018 දී ඇමරිකානු ඩොලර් මිලියන 105 දක්වා ඉහළ ගියේය.මෙය දෙගුණයකින් වැඩි වීමකි. කෙසේ වෙතත්, දෙරට අතර වර්තමාන වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 460 ක් පමණි. එහෙත් දෙරට අතර වෙළඳාමේ විභවය ඩොලර් බිලියන 2 කට වඩා වැඩිය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති ඉම්රාන් ඛාන් විදේශ සෘජු ආයෝජන දිරිගැන්වීමට පොරොන්දු වී ඇති හෙයින්, ඉම්රාන් ඛාන්ගේ සංචාරයේදී විවිධ ආයෝජන අංශ පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇත.දැනුවත්භාවය නොමැතිකම නිසා අපනයනකරුවන් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෙළඳපොල විභවය සහ ප්‍රතිලාභ පූර්ණ ලෙස භාවිතා නොකරයි. මීට අමතරව, ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් පවත්නා වෙළඳපොලවලට ඇලී සිටිති. වෙළඳපොල ඉල්ලුම සපුරාලීම සඳහා දෙරටටම තම නිෂ්පාදන පර්යේෂණ, නවෝත්පාදන හා අගය එකතු කිරීම තුළින් විවිධාංගීකරණය කළ යුතුය.

පාකිස්තාන මහ කොමසාරිස්වරයා මෑතකදී සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පාකිස්තාන සමාගම් ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්‍ෂණය, රන් ආභරණ සහ ඉදිකිරීම් / දේපළ වෙළඳාම් යන ක්ෂේත්‍ර සඳහා ආයෝජනය කර ඇති බවයි.ශ්‍රී ලංකා ඉදිකිරීම් හා දේපළ වෙළඳාම් අංශය වේගයෙන් වර්ධනය වේ. මීට අමතරව, වාර්ෂිකව ඩොලර් මිලියන 600 ක් වටිනා සිමෙන්ති විවිධ රටවලින් ආනයනය කරයි.

පාකිස්තානය දැනටමත් ශ්‍රී ලංකාවට සිමෙන්ති අපනයනය කරයි. එපමණක් නොව, තරඟකාරී මිල සහ ගුණාත්මකභාවය හේතුවෙන් එහි අපනයන වැඩි කිරීමේ හැකියාවද ඇත.ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් සඳහා වන පාරිභෝගික වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම අංශයට විශාල විභවයක් ඇත.ශ්‍රී ලංකාව සිය වාර්ෂික සීනි අවශ්‍යතාවයෙන් 90% කට වඩා ආනයනය කරයි. “සීනි” අපනයනය 2021 වන විට පාකිස්තාන ආයෝජකයින් අවධානය යොමු කළ හැකි එක් අංශයකි.ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා පිරිහී ඇති හෙයින් ඉන්දියාවෙන් බුලත් පාකිස්තානයට අපනයනය නොකෙරේ. මේ අනුව, ශ්‍රී ලංකා බුලත් කොළ පාකිස්තානයට අපනයනය කිරීමට අවස්ථාව තිබේ.

පසුගිය වසරේ ජනාධිපති ගෝතාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට එන පළමු රාජ්‍ය නායකයා අගමැති ඉම්රාන් ඛාන් ය.ඉන්දියන් සාගර කලාපයේ උපායමාර්ගික වැදගත්කමක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ඉන්දියාව දැඩි උත්සාහයක් ගන්නා සන්දර්භය තුළ ඉම්රාන් ඛාන්ගේ යෝජිත සංචාරය ඉතා වැදගත් වේ.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top