ව්‍යාපාරික

හෙක්ටයාර් එක් ලක්ෂ දස දහසක් තුළ බඩ ඉරිඟු වගා කෙරේ

(UTV |කොළඹ) – හෙක්ටයාර් එක් ලක්ෂ දස දහසක් තුළ බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව රජය පවසයි.

අප රටට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් පන් ලක්ෂ දස දහසක් පමණ වන ප්‍රමාණය ලබා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බව ,උක්, බඩ ඉරුඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අභිනව අමාත්‍යධුරයේ වැඩභාරගනිමින් පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම ගම්මිරිස් වගාකරන මෙරට ගොවීන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගම්මිරිස් මිළ ඉහළට ගෙන ඒමට කටයුතු කරන බවත්, ගම්මිරිස් අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස විදේශ රටවලට යැවීම හරහා මෙරටට කොවිඩ් හරහා නැතිවී ගොස් තිබෙන විදෙස් විනිමය යළි ලබාගැනීමට පිටුවහලක් වීමට අපේක්ෂා කරන බවත්,රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සියලුම ආකාරයේ සුලු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, අපනයන කෘෂිකර්මාන්ත ගම්මානයක් ඉදි කිරීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top