එංගලන්ත කාන්තා පිළේ පුහුණුවීම් ඉදිරි සතියේදී ඇරඹේ

එංගලන්ත කාන්තා පිළේ පුහුණුවීම් ඉදිරි සතියේදී ඇරඹේ

(UTV | එංගලන්තය) – එංගලන්ත කාන්තා ක්‍රිකට් පිළේ පුහුණු කටයුතු ඉදිරි සතියේ ආරම්භ කෙරෙන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් පන්දු යවන ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු මුලින් ආරම්භ වන අතර, පිතිකරණ පුහුණු කටයුතු ජුනි 1 වන දා සිට ආරම්භ වීමට නියමිතයි.

එබැවින් ඉදිරි සති කිහිපය ඇතුළත පුහුණු වැඩමුළු සංවිධාන කරන බව එංගලන්ත කාන්තා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )