ප්‍රමුඛ පුවත 1

ස්ටෙන්ස් ලබාගැනීමට මුදල් දීම සහ ලබා ගැනීම තහනම්

 

(උදයම්,කොළඹ) – අක්ෂි කාච සහ හෘද ප‍්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.

 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සඳහා අක්ෂි සහ පටක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස සියලු රජයේ රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඉදිරියේදී චක්‍රලේඛයක් මඟින් ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඩී.සී. රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණය ගෙන තිබේ.

 

අක්ෂි සහ පටක නොමිලේ ලබා දෙන අක්ෂිදාන සංගමය සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන රුපියල් ලක්ෂ 02ක මුදල ලක්ෂ 10 දක්වා වැඩි කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top