විදෙස්

වෙන්දේසි කෙරුණු අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෝටර් රථ

(UTV|පාකිස්තානය)  –  ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය.

ඒ රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙසයි.

ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිවසේ ආලින්දයේ පැවති මෙම වෙන්දේසිය මගින් ඩොලර් මිලියන 16ක් ඉපයීමට අපේක්ෂා කර තිබේ.

නමුත් මෙහිදී  උපයා ගැනීමට හැකි වී ඇත්තේ ඩොලර් 6 ලක්ෂයක් පමණය.

වාහන 100ක් පමණ වෙන්දේසියට ඉදිරිපත් කළ ද ඩොලර් මිලියන 1.3 බැගින් මිල කෙරුණු මර්සිඩීස් වර්ගයේ වාහන දෙකක් ඇතුළු සුපිරි වාහන රැසක් අලෙවිවී නොමැති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top