ප්‍රමුඛ පුවත 1

විල්පත්තුව වනාන්තර විනාශ වුයේ මුස්ලිම් ජනතාව නිසා නොවන බව පරිසරවේදීන් පවසයි

විල්පත්තුව වනාන්තර විනාශ වුයේ මුස්ලිම් ජනතාව නිසා නොවන බව පරිසරවේදීන් පවසයි.

විල්පත්තු වනය රාජ්‍ය දැව සංස්ථාවේ මැදිහත් වීමෙන් එළි කෙරෙන බව පරිසරවේදී තිලක් කාරියවසම් මහතා පැවසීය.
විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පසුගියදා රාමඩා හෝටලයේ පවතී මාධ්‍ය සාකච්චාවේදී තිලක් කාරියවසම් මහතා මේ බව පැවසීය.මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්ය හා වාණිජ අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා සඳහන් කළේ පරිසරවේදීන් වන අපි යම් ජනවාර්ගික කණ්ඩායමක් ඉලක්කර මෙම ගැටලුව දෙස බැලීම සුදුසු  නොවන බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු වූ විජය රජු විල්පත්තු කොටසක් වන අරිප්පු ප්‍රදේශයට , ගොඩබැස්සා. එවිට ඔහු ද විල්පත්තුවේ  පළමු ජනාවාස, නිර්මාණය කළා.මහාවංශයට  අනුව, වසර 1294 වන විට මුතු ධීවර කර්මාන්තය මෙම ප්‍රදේශයේ සිදු කරන ලදි.මේ නිසා විල්පත්තු ප්‍රදේශය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නා බවද කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.
“මේ වන විට විල්පත්තුව ගැටලුවට ෆේස්බුක් වීරයන් විසින් වෙනම මුහුණුවරක් ලබා දී තිබෙනවා. 2009 දී දශක තුනක යුද්ධය පැවති සමයේ මුස්ලිම් ජනතාවට උතුරු පළාතෙන් පිට වීමට සිදු වුණා. යුද්ධය අවසන් වීමෙන් පසු ගම්මානද වනාන්තර දෙසට ව්‍යාප්ත වුණා.ඉන් පසු මධ්‍යම පරිසර අධිකාරිය සහ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව ජනාවාස සඳහා සුදුසුප්‍රදේශ ලෙස මෙම ප්‍රදේශය හඳුනා ගත්තා”යයි කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් කර්මාන්ත හා වාණිජ හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ” රජය උතුරු අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. එනිසා මෙවැනි චෝදනා රජයට එල්ල වන බවයි”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top