ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණ තත්ත්වය බලපා ඇති ප්‍රදේශ වලට ඉදිරියේදී වැසි

(උදයම් , කොළඹ) –  දැඩි වියළි කාලගුණ තත්ත්වයක් බලපා ඇති පළාත් තුනකට ලබන 20 වැනිදායින් පසු වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පැවසුවේ පවතින තත්ත්වය සමනයවීමට තරම් එය ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයෝ 645,‍847 දෙනෙක් දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

ඉන් වැඩිම බලපෑම ඒල්ල වී ඇත්තේ උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලටය.

මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා මෙම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්
“සතුටුදායක පණිවිඩයක් තමයි කියන්න තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 20 වැනිදායින් පස්සේ ලංකාවේ නැගෙනහිර පළාතටත්, උතුරු පළාතටත්, උතුරු මැද පළාතටත් වර්ෂාපතනය යම්තාක් දුරකට ලැබෙයි කියලා. නමුත් මේ තියෙන නියං තත්ත්වය නැති වීමේ වර්ෂාපතනයක් නෙමෙයි දින 3 ක් 4 ක කාලයක් මද වැසි ඇතිවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මාර්තු මාසයේ අග වෙනකම් අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි විශාල වර්ෂාපතනයක්. දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොවීන් විශාල ප්‍රමාණයක් පීඩාවට ලක්ව සිටින අතර කුඹුරු අක්කර 35,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට මුහුණ පා තිබෙනවා”

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා මෙලෙස අදහස් අපල කළේය.
“වගාකරපු අක්කර 539,000ක් තරමක අවදානමක් තියෙනවා අක්කර 120,000 ක විතර. මේ වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ජලය ලබාදුන්නාට පස්සේ අපේ ජලය 10% ක විතර මට්ටමකට ජල මට්ටම පහළ බසියි. අපි වගා ළිං 1000 ක් විතර කළින් ඉදිකරලා තියෙනවා. ඊට අමතරව ගණන් හදලා තියෙනවා තව වගා ළිං 1225 ක් විතර අවශ්‍ය වෙනවා කියලා. අපේ ගොවිජනතාව අතර පොම්ප තියෙනවා. දෙපාර්තමේන්තුව හැටියට අපි සම්පූර්ණයෙන්ම ඉන්ධන සපයනවා. ඊට අමතරව අක්කර 35,000 ක් විතර තදින්ම අවදානම් තත්ත්වයේ තියෙන්නේ. මේ අතර ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි ජනනයෙන් 13%ක් දක්වා පහත බැස තිබෙනවා”

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා එහදී පලකල අදහස් මේ.
“ විදුලිබල සැපයුමත් ඉතාම අර්බුදකාරී අවස්ථාවකට තමයි මුහුණදීලා තියෙන්නේ. අපේ ජලාශ 80%ක් 90 ක් විතර ප්‍රමාණයකට මේ වෙනකොට පිරිලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ රිද්මය ඒකයි. මොකද ජනවාරි පෙබරවාරි මාසවල තියෙන වියළි කාලගුණය නිසා. ඉතින් මේ වර්ෂයේ අපිට ඒක කරගන්න ලැබුණේ නැහැ. දැන් අද වෙනකොට 33% දක්වා අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්නේ අවදානම්කාරී තත්ත්වයක. කළුගඟේ ජල මට්ටම පහළයාමත් සමඟ ලවන ජලය මිශ්‍ර වීමෙන් කලුතර, වාද්දුව සහ බේරුවල ප්‍රදේශවල පානීය ජල සැපයුමටද මේ වන විට බාධා මතුවෙලා”

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සභාපති කේ.ඒ. අන්සාර් මහතාද මෙලස අදහස් පල කළේය .
“ඒ ප්‍රදේශවලට අපිට විකල්ප මාර්ගයක් නැහැ. අපි ඒ වතුරත් පිරිසිදු කරලා ජනතාවට සපයනවා. බීමටයි කෑම හැදීමටයි හැර අනෙක් වුවමනාවන්වලට පාවිච්චි කරන්න පුළුවන්. වෙන ප්‍රශ්න උග්‍රවෙලා තියෙන්නේ නුවර පැත්තේ සුළු ජල යෝජනා ක්‍රමවල, බණ්ඩාරවෙල දිස්ත්‍රික්කයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ ඒ වගේම මාතර විතරක් සීමා කරලා තියෙනවා. දිවයින පුරාම ගැඹුරු නල ළිං 400 ක් හදාගෙන යන්න යනවා. මාර්තු අන්තිම වෙනකන් අපිට දුවන්න පුළුවන්, මැනේජ් කරනවා නම්. භූගත ජලයත් පාවිච්චි කරන්න යනවානේ”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top