කලා

රශ්මිකා සිව්වන වරටත් හින්දි සිනමාවට පැමිණෙයි

(UTV |  ඉන්දියාව) – Tiger Shroff අද හින්දි සිනමාවේ සිටින ජනප්‍රියම තරුණ නලුවෙක්. වර්තමාන ඉන්දියානු සිනමා කර්මාන්තයේ වැඩිම රසික ආකර්ෂණයක් සහිත තරුණ රංගන ශිල්පීන් අතරෙ හි Tiger Shroffටත් ප්‍රමුඛස්ථානයක් හිමි වනවා. ඔහු නිතරම ක්‍රියාදාම දර්ශන බහුල Mass Action චිත්‍රපට තෝරා ගන්නා නිසාම, ටයිගර් වටා සිටින රසිකයින් පිරිස ද දිනෙන් දින ඉහළ යන බව නොරහසක්. ඒ වගේම අද හින්දි සිනමා රසිකයින් බහුතරයක් දෙනා Content Driven චිත්‍රපටවලට වඩා Entertaining Action සිනමා නිර්මාණවලට කැමැත්තක් දක්වන නිසා Tiger Shroff වැනි නලුවන්ගේ චිත්‍රපට සඳහා ලැබෙන ඉල්ලුම ද වැඩියි.

’70 ’80 දශකවලදී හින්දි සිනමාවේ සිටි සුප්‍රසිද්ධම ක්‍රියාදාම නලුවෙකු වන Jackie Shroffගේ පුත්‍රයා වන Tiger Shroff රඟපෑ සිනමාපටවල සමස්ත ආදායම ඉන්දියානු කෝටි 1000 ඉක්මවන බවටයි ගණන් බලා තිබෙන්නේ.

ඔහු අවසානයට රගපෑ Heropanti 02 සිනමාපටයෙන් පසු ටයිගර් රංගනයෙන් එක් වීමට නියමිත තවත් චිත්‍රපටයක් ගැන පසුගියදා තොරතුරු අණාවරණය වුනා. සුපුරුදු පරිදිම මෙයත් ක්‍රියාදාම ගණයට අයිති Action – Thriller නිර්මාණයක්. තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Shashank Khaitan විසිනුයි. මේ වනවිට, චිත්‍රපටයේ සිය චරිතය වෙනුවෙන් පෙර – පුහුණුවීම් සහ ව්‍යායාම උපදේශන පවා ටයිගර් ආරම්භ කර ඇති බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් පවසන්නේ එළඹෙන සැප්තැම්බර්, ඔක්තෝබර් කාල වකවානුවේදී මෙහි රූගත කිරීම් පටන් ගැනීමට සූදානම් බවයි. බහුතරයක් දර්ශන, ඉන්දියාව තුළ රූගත කිරීමට නියමිත අතර ඉන්දියානු දර්ශන තලවල රූගත කිරීම් අවසන් වූ පසුව යුරෝපීය රටවල් කිහිපයකදී ඉතිරි සිද්ධීන් රූපගත කිරීමට නියමිතයි.

පෙර නිෂ්පාදන කටයුතු අරඹා ඇති නමුත් ප්‍රේක්ෂකයින්ට තවමත් නිශ්චිතව දැනුම් දී නැති මෙම සිනමාපටයේ පළමු Announcement Video පටය එළඹෙන මාසයේදී මාධ්‍යයට නිකුත් කිරීමට සැරසෙන බවටත් විවිධ වෙබ් අඩවි තුළ විස්තර පළව තිබෙනවා. බොහෝවිට ඒ හරහා සිනමාපටයේ නම reveal කිරීමට නිෂ්පාදකයින් සූදානමින් සිටිනවා විය හැකියි. මෙය නිෂ්පාදනය කරන්නේ Karan Joharගේ ප්‍රධානත්වයෙන් යුතු Dharma Productions චිත්‍රපට ආයතනයෙන් වන අතර Student of the Year 02 (2019)ට පසු Tiger Shroff සහ Karan Joharගේ සුසංයෝගයෙන් නිර්මාණය වන දෙවන චිත්‍රපටය වන්නේ මෙයයි.

ටයිගර්ට අමතරව මෙහි රංගනයෙන් දායක වන සෙසු නලු නිළියන් ගැන නිල තොරතුරක් කිසිදු මාධ්‍යයක සඳහන් නොවුණත්, චිත්‍රපටයේ ප්‍රධාන නිළිය පිළිබඳව නිෂ්පාදක කණ්ඩායමෙන් ලද exclusive විස්තරයක් pinkvilla වෙබ් අඩවියෙ හි පළ කොට තිබෙනවා. Kriti Sanon, Shraddha Kapoor වැනි රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙකු මීට සම්බන්ධ යැයි කලක පටන් ගොසිප් පළ වුණත්, අවසානයේදී ප්‍රධාන කාන්තා චරිතය සඳහා ඔවුන් තෝරා ගෙන තිබෙන්නේ සුරූපී දකුණු ඉන්දියානු නිළි Rashmika Mandannaවයි.

පිළිගත් මූලාශ්‍ර ඔස්සේ මේ වනවිට තහවුරු වී තිබෙන මෙම ආරංචිය ලැබී ඇත්තේ Dharma Productions හි මෙම ව්‍යාපෘතියට ඍජුවම සම්බන්ධ විධායක පුද්ගලයෙකුගෙනුයි.

ඔහු පවසා තිබෙන ආකාරයට, අධ්‍යක්ෂක Shashank Khaitanට අවශ්‍ය වී තිබෙන්නේ ටයිගර් ෂ්රොෆ් සමඟින් මීට පෙර රඟපා නොතිබුනු අලුත්ම රංගන ශිල්පිනියක මීට එකතු කර ගැනීමටයි. හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියන් බොහෝ දෙනෙකු අතහැර දකුණු ඉන්දියානු නිළියක වන රශ්මිකාව මෙම චිත්‍රපටයට යොදා ගෙන තිබෙන්නේ ඒ නිසා බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
විශේෂයෙන්ම පසුගිය වසරේදී Pushpa: The Rise තෙළිඟු සිනමාපටය උතුරු ඉන්දීය කලාප තුළ අතිශය ජනප්‍රිය වීමත්, එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ Rashmika Mandannaට හින්දි රසිකයින් බොහෝ දෙනෙකු ආශක්ත වීමත්, මෙම තීරණයට හේතුවක් වන්නට ඇති.

තවමත් නිශ්චිත නමක් යෝජනා නොවුනු මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Shashank Khaitan සිය සිනමා ජීවිතයේ මුල සිටම Dharma Productions ආයතනය හා සම්බන්ධ වුනු අයෙක්. මේ දක්වා ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපට සියල්ලෙහි ම නිෂ්පාදන පිරිවැය දැරූයේ කරන් ජොහාර්ගේ එම සිනමා ආයතනයයි. Humpty Sharma Ki Dulhania, Badrinath Ki Dulhania, Dhadak යන එම චිත්‍රපට සියල්ලම හොඳින් ආදායම් ඉපැයූ වාණිජමය වශයෙන් සාර්ථක නිර්මාණ වන අතර ඔහුගේ පළමු නිෂ්පාදනය වන Good Newwz ද ඉන්දීය කෝටි 300කට ආසන්න මුදලක් රැස් කරගත්තා.

Dharma Productions සමඟින් Rashmika Mandanna ගිවිසුම්ගත වුනු පළමු අවස්ථාව වන්නේ මෙයයි. මෙම නිර්මාණයට Rashmika එක් වූ බව තහවුරු වූයේ මෑතකදී වුනත්, ඇය නුදුරු දිනකදීම Dharma Productions නිර්මාණයකට සම්බන්ධ වීමට නියමිතව සිටි බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දන්නා කාරණාවක්… පසුගිය කාල සීමාවේදී කිහිප වතාවක්ම Dharma Productions ප්‍රධාන කාර්යාලයට ඇය පැමිණි බව පැපරාසි කැමරා කාචයන්ටත් හසුව තිබුනා. ඒ නිසාම ඇය සහ කරන් ජොහාර් සුසංයෝගයෙන් නිපදවෙන නවතම නිර්මාණයක් ගැන බොහෝ රසිකයින් බලාපොරොත්තුවෙනුයි සිටියේ.

මෙම වසර අග භාගයේදී Rashmika Mandannaගේ ඉදිරි වැදගත්ම චිත්‍රපටය වන Pushpa 02: The Rule හි නිෂ්පාදන කටයුතු ද ඇරඹීමට නියමිතයි. ඒ අනුව එම චිත්‍රපටය සහ මෙය එකම කාල වකවානුවකදී මාස කිහිපයක පරතරය ඇතිවයි රූගත වන්නේ. මෙය රශ්මිකාගේ සිව්වන බොලිවුඩ් චිත්‍රපටය වන නමුත් ඇය මින් පෙර ගිවිසුම්ගත වූ කිසිදු හින්දි සිනමාපටයක නිෂ්පාදන කටයුතු තවම නිමා වී නැහැ.
රන්බීර් කපූර් සමඟ Animal
අමිතාබ් බච්චන් සමඟ Goodbye
සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ Mission Manju

Tiger Shroff ප්‍රධාන චරිතය රඟන “Ganapath” ක්‍රියාදාම චිත්‍රපටයේ shooting සියල්ලම මේ වනවිට අවසන්ව තිබෙන අතර එය එළඹෙන දෙසැම්බරයේදී තිරගත වීමට සියලුම කටයුතු සූදානම්. එයින් පසු ඔහු සම්බන්ධ වන්නේ Akshay Kuamr සමඟින් Bade Miyan Chote Miyan චිත්‍රපටයටයි. ඒ හැරුනුකොට තවත් සිනමාපට ද්විත්වයක් සඳහා ඔහු ගිවිසුම්ගතව තිබෙන අතර සුපුරුදු පරිදි ඒ සියල්ලම ත් ටයිගර්ට හුරුපුරුදු Mass Action Movies බවයි සැල වෙන්නේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top