ගොසිප්

බන්ධනාගාරයේ වියයුතු දේ රන්ජන් කියයි

(UTV | කොළඹ) – ධානපතියන්ට බන්ධනාගාර සඳහා ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් පරිත්‍යාග කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බව හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසා ඇත.

ඒ මගින් බන්ධනාගාර තුළ පවතින ආහාර හිඟයට විසඳුමක් ලබාගත හැකි බව ඔහු පවසනවා.

පුවත්පත් මණ්ඩලයේ ගොනුකර තිබූ නඩුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රන්ජන් රාමනායක මහතා මේ බව පවසා ඇත.

“මම යෝජනා කරනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට රිමාන්ඩ් රැඳවුම්කරුවන්ට වගේම අච්චු සිරකරුවන්ටත් විසිට් වැඩිපුර දෙන්න. කෑම ගේන්න අවසර දෙන්න අවස්ථාව දෙන්න. එතකොට ඔය ධානපතියන්ට කෑම ගෙනාවහම බන්ධනාගාරයේ වියදම අඩුකර ගන්න පුළුවන්. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා 40% ගෙවන්න. ඒ අය මැරි මැරී වැඩ කරනවා. මම මේ දෙපැත්තටම නැතුව ඇත්ත කතාව කියන්නේ. නිලධාරින්ට 40% ලැබෙන්න ඕනේ. ඒ අයට ඕවර් ටයිම්, බටා ලැබෙන්න ඕනේ. ඒ වගේම සිරකරුවන්ට බන්ධනාගාර ආඥා පනතට අනුව සුද්දාගේ කාලේ නම් මල්ලි බීඩි මිටියක් තියෙනවා. රා වීඳුරුවක් තියෙනවා. මේ සේරම සුද්දා අනුමත කරලා තියෙනවා. මස්, මාළු අවුන්ස ගාන, බිත්තරය, කෙහෙල් ගෙඩිය, ගස්ලබු කෑල්ල මේ වගේ දේවල් දැන් දෙන්න වාතාවරණයක් නෑ. බන්ධනාගාරයේ නෙමෙයි මල්ලි එළියෙත් කන්න නැති එකේ කොහොමද බන්ධනාගාරයේ දෙන්නේ.”

බන්ධනාගාරයේ ආහාර පිළිබද තමා සිදුකළ ප්‍රකාශයකට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකරවරයා දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව ද රන්ජන් රාමනායක මහතා මෙලෙස අදහස් පළ කර තිබෙනවා.

“මම කියන දේ විශ්වාස කරන්නත් එපා. බන්ධනාගාර ප්‍රකාශකවරයා කියන දේ විශ්වාස කරන්නත් එපා. අහඹු පරීක්ෂණයක් කරන්න ඉඩදෙන්න. එතකොට ග්ලවුස් දාගෙන ද එළවළු කපන්නේ, හිස් වැසුම් දාගෙන ද මාළු, මස් කපන්නේ. හොද්දේ තත්ත්වය. බිත්තරවල තත්ත්වය දැනගන්න පුළුවන්. මට ඕනේ නෑ හිරෙන් එළියට ඇවිත් හිටපු තැන විවේනය කරලා ප්‍රශ්න ඇති කරගන්න.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top