ප්‍රමුඛ පුවත 1

නාමල් අපේක්‍ෂා කරන බිලි පූජාව රජයෙන් ඉටු වෙන්නේ නෑ – ඇමැති මංගල සමරවීර

UTV | COLOMBO – ඒකාබද්ධ විපක්‍ෂය අද (05දා) දින කොළඹ සංවිධානය කර ඇති විරෝධතාව ‘හොරුන්ගේ රස්තියාදුවක්’ ලෙස තමා හඳුන්වා දෙන බවත් මෙහි සංවිධායකයන් බොහෝ දෙනකුට අධිකරණයේ නඩු තිබෙන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (04 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කීවේය.

මහින්ද රාජපක්‍ෂ ජනපි‍්‍රය චරිතයක් බව තමා පිළිගන්නා බවත් එහෙත් නාමල් රාජපක්‍ෂ මේ කරන්නේ තාත්තගෙ පින්තූර පෙන්නගෙන තමන්ගේ නඩුවලට අධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කිරීමක් බවද මංගල සමරවීර මහතා කීවේය.

මේ අය ජනතාවට අවම වදයක් වෙනුවට උපරිම වදයක් දීමට උත්සාහ කරන බවද මේ උද්ඝෝෂණයට කිසිම බාධාවක් නොකළත් මහජනතාවට පීඩාවක් වන පරිදි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කළොත් ඊට එරෙහිව පියවර ගනු ඇති බවද මංගල සමරවීර ඇමැතිවරයා කීවේය.

මේ අයට අවශ්‍ය කවුරු හෝ මරා ගැනීමට බවද මෙය නාමල් රාජපක්‍ෂගේ බිලි පූජාවක් බවද කී මංගල සමරවීර ඇමැතිවරයා කීවේ ඊට ආණ්ඩුව අහුවන්නේ නැති බවයි. මෙයට පැමිණෙන විරෝධතාකරුවන් නැවත නොයා කොළඹ වීථිවල නැවතී සිටින බවට ප‍්‍රකාශ කර ඇතැයි යන්න ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලෙස ඒ අය යවන්නත් තමා දන්නවා යැයි ද මංගල සමරවීර ඇමැතිවරයා කීවේය.

මහින්ද රාජපක්‍ෂට හෝ නාමල් රාජපක්‍ෂට හෝ පෙළපාලි යෑමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අපි පිළිගන්නවා. නමුත් මෙය නඩුවලින් බේරෙන්න කරන නාමල් රාජපක්‍ෂගේ බිලි පූජාවක් බවද මෙයට පැමිණෙන අයවත් මෙය පැවැත්වෙන්නේ කොහේද කියා නොදන්නා බවද මංගල සමරවීර ඇමැතිවරයා කීවේය.

මෙම පෙළපාලිය තියන්නේ අධිකරණයට බලපෑම් කිරීමට බවද ඔහු කීවේය.

නාමල් රාජපක්‍ෂ කියන්නේ පොතක් නොකියවපු මෝඩ තරුණයෙක් බවද ඔහු සූදානම් වන බිලි පූජාව තම රජයෙන් ලබාගැනීමේ නාමල් රාජපක්‍ෂගේ අපේක්‍ෂාව ඉටුනොවන බවද මංගල සමරවීර ඇමැතිවරයා කීවේය.

අද පෙළපාලියේ ප‍්‍රධාන සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා බවද ඔහු ඇපපිට සිටින සැකකරුවෙක් බවද මංගල සමරවීර මහතා කීවේය.

මේ නිසා අද පෙළපාලිය ජනතා විරෝධයක් නොව හොරුන්ගේ රස්තියාදුවක් බවද මංගල සමරවීර මහතා තවදුරටත් කීවේය. මේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතා ද සහභාගි විය.

දිනමිණ වෙබ් පිටුවෙන් උපුටාගන්නා ලදී | ශ්‍යාම් නුවන් ගනේවත්ත

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top