විදෙස්

නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් වෙයි (ඡායාරුප)

(උදයම්,නවසීලන්තය)  – නවසීලන්තයේ දකුණු දිවයිනේ උතුරු කෙළවර ආසන්නයේ පිහිටි ගෝල්ඩන් බේ වෙරළ තීරයට මියගිය තල්මසුන් විශාල සංඛ්‍යාවකගේ සිරුරු ගොඩ ගසා ඇති බව වාර්තාවේ.

තල්මසුන් 600කට වඩා වැඩි ගණනක් නවසීලන්ත නොගැඹුරු  මුහුදේ අතරමංව සිට ඇති අතර එලෙස අතරමං වූ තල්මසුන්ගෙන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බවවිදෙස් වාර්තා වල දැක්වේ.

මෙලෙස මියගිය තල්මසුන්ගේ සිරුරු ඇත්නම් ඔවුන් දැනුවත් කරන ලෙස එරට බලධාරීන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නවසීලන්ත වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මියගිය තල්මසුන්ගේ සිරුරු දිරා පත්වීමට අවශ්‍ය කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ වනවිට ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් බවට පත්කර තිබෙනවා.

මේ අතර පසුගිය දින වල ගෝල්ඩන් බේ වෙරළ තීරයකට ගොඩගසා සිටි තල්මසුන් 400 කට වැඩි පිරිසෙන් සියයකට ආසන්න සංඛ්‍යාවක් යළි මුහුදට පා කර යැවීමට ස්වෙච්ඡා සේවකයින් කටයුතු කළේය.

නමුත් වෙරළට ගොඩගසා සිටි තල්මසුන්ගෙන්  වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/07.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/08.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/09.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/10.jpg”]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top