කලා

දමිළ බසට හැරවෙන Driving Licence

(UTV |  චෙන්නායි) – පසුගිය නොවැම්බරයේදී තමිල්නාඩු ප්‍රාන්තය පුරා තිරගත වීම ඇරඹුණු Maanaadu දමිළ චිත්‍රපටය කිසිවෙකුත් නොහිතපු විදිහෙ දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගන්නට සමත් වුනා. තිරගත වීම ඇරඹි පළමු දිනයේ සිටම ධනාත්මක ප්‍රේක්ෂක – විචාරක අවධානයක් දිනා ගනිපු ඒ නිර්මාණය, ආදායම් වාර්තා ශ්‍රේණිගත කිරීම්වලදී පවා ඉහළම ලාබයක් උපයා ගත් චිත්‍රපටයක් බවට පත් වුනා.

වසර ගණනක් තිස්සේම කිසිදු සාර්ථකත්වයට ළඟා කර නොගත් දමිළ නලු Silambarasan TR හෙවත් STRගේ සිනමා ජීවිතයට නැවතත් පණ දුන් චිත්‍රපටය විදිහට Maanaadu හැඳින්වූවත් වරදක් නැහැ.

Venkat Prabhu විසින් අධ්‍යක්ෂණය කළ Maanaadu සිනමාපටය මෙතරම් ජනප්‍රිය වෙන්නට ප්‍රධානම හේතුවක් වුණේ “අබ්දුල් කාලික්” නැමැති ප්‍රධාන චරිතය රඟපෑ Silambarsan TRත්, ප්‍රතිවීර “DCP ධනුෂ්කොඩිගේ” චරිතය රඟපෑ SJ Suryahත් අතර තිබුණු ගැළපීම බව බොහෝ දෙනෙක් කියන කාරණයක්. ඔවුන් දෙදෙනා අතින් චිත්‍රපටය පුරාම මනාව ගොඩ නැංවී තිබූ වීරයාගේ සහ දුෂ්ඨයාගේ චරිත Maanaadu හි සාර්ථකත්වය තවත් වැඩි කළා. Maanaadu ජනප්‍රියතාව සහ රසික ආකර්ෂණය වැඩි වනවාත් සමඟම, STR – SJ Suryahගේ සුසංයෝගය ගැනත් රසිකයින්ගේ හිතේ ඇති වුණේ ලොකු කැමැත්තක්… මෑතකාලීන දමිළ සිනමාවේ ජනප්‍රියම entertaining pair කිහිපය අතරට ඔවුන් දෙදෙනා එක් වුණෙත් වැඩි කාලයක් ගත වෙන්නට පළමුවයි.

මෙහි ප්‍රතිඵලයක් විදිහට Maanaadu චිත්‍රපටයෙන් පසුවත් STR – SJ Suryah සුසංයෝගය සහිත සිනමාපට කිහිපයක්ම ගැන rumors දැකගන්නට ලැබෙනවා. මේ මොහොත වනවිටදී ඔවුන් දෙදෙනාගේ සුසංයෝගය හොඳින් අලෙවි කරන්නට හැකි බව දන්නා නිෂ්පාදකවරු කිහිප දෙනෙක්ගෙන්ම STR සහ SJ Suryahට ආරාධනා ලැබී තිබෙන බවත් සඳහන් වනවා.

මෙයින් එක් නිර්මාණයක් ගැන ගොසිප් අඩවිවල දැකගන්නට ලැබෙන පුවතක් දැන් තමිල්නාඩුවේ ප්‍රධානම පෙළේ මාධ්‍ය ආයතන හරහාත් නිකුත් වී තිබෙනවා. ඒ තමයි 2019 වසරේ නිකුත් වූ Driving Licence නැමැති මලයාලම් සිනමාපටයේ නිල දෙමළ ප්‍රතිනිර්මාණයට Silambarsan TR සහ SJ Suryah සහභාගී වන බවට ඉඟි පළවීම! කිසිම ආකාරයක නිල නිවේදනයක් නිකුත් වී නොතිබුණත්, මේ ආරංචිය සත්‍යයක් වේවි කියලයි ඉහළ පෙළේ movie trackersලා බොහෝමයකගේ අදහස වෙන්නෙත්…

පසුගිය කාලයේදී මලයාලම් චිත්‍රපට විශාල ප්‍රමාණයක් දෙමළ භාෂාවට ප්‍රතිනිර්මාණය වුණා වගේම තවත් මලයාලම් චිත්‍රපට රාශියක දමිළ ප්‍රතිනිර්මාණ ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. Helan, Queen, Charlie වැනි මලයාලම් චිත්‍රපට අනුසාරයෙන් බිහිවූ දමිළ චිත්‍රපට බොහෝමයක් තමිල්නාඩු ප්‍රේක්ෂකාගාරය සතුටෙන් බාර ගත්තා. දමිළ සිනමාවෙන් බිහිවූ cult classical නිර්මාණයක් වගේම ප්‍රසිද්ධ දමිළ නලු කමලාසන්ගේ රංගන ජීවිතයේ සාර්ථකම චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන Papanasam (2015) කියන්නෙත් Drishyam (2013) මලයාලම් චිත්‍රපටයේ නිල දමිළ ප්‍රතිනිර්මාණයයි.

Ishq, Drishyam 2, Joseph, Ayyapanum Koshiyum වැනි මලයාලම් චිත්‍රපට බොහෝමයක official tamil remakes පවා ඉදිරි වසර ඇතුළත නරඹන්න හැකියාවක් තිබෙනවා.

2019 වසරේ නිකුත් වූ මලයාලම් භාෂාමය නිර්මාණයක් වන Driving Licence හි ප්‍රධාන චරිත නිරූපණය කළේ Prithviraj Sukumaran සහ Suraj Venjaramoodu නැමැති රංගන ශිල්පීන් දෙදෙනායි. Prithviraj Sukumaran විසින් ජනප්‍රිය සිනමා තරුවකගේ චරිතයකටත්, Suraj Venjaramoodu විසින් රථවාහන පොලිස් නිලධාරියෙකුගේ චරිතයකටත් එහි සම්බන්ධ වුනා.

එම වසරේ ජනප්‍රියම මලයාලම් චිත්‍රපටයක් විදිහට හැදින්වෙන Driving Licence සිනමාපටයේ දෙමළ ප්‍රතිනිර්මාණයක් ගැන කතාබහ ඇති වුණේ 2020 වසර තරම් ඈතකදී යි. තමිල්නාඩුවේ ප්‍රසිද්ධ නිෂ්පාදකවරුන් කිහිප දෙනෙක්ම එහි remake rights වෙනුවෙන් විවිධ ඉල්ලීම් කළ බවකුත් එකල කේරළ මාධ්‍ය විසින් වාර්තා කළා. විවිධ නලු නිළියන් චිත්‍රපටයට සම්බන්ධ වන බවට rumors පැතිරුණත් ඒ කිසිදු ආරංචියක් අද වනතුරු සත්‍යයක් වූයේ නැහැ. චිත්‍රපටයේ පෙර – නිෂ්පාදන කටයුතු පවා ඇරඹී තිබුණේ නැහැ.

නමුත් Maanaadu සාර්ථකත්වය සමඟම, Silambarasan TR සහ SJ Suryah යොදා ගනිමින් මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනින්ම ආරම්භ කරන්නට සූදානම් බවයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ. තවමත් official announcement එකක් ලැබී නොමැති නිසා ඇතැම් රසිකයින් මේ ආරංචිය විශ්වාස නොකළත් මේ චරිත ද්විත්වයටත් ඔවුන් හොඳින්ම ගැළපෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. Prithviraj Sukumaran නිරූපණය කළ සිනමා තරුවගේ චරිතය Silmabarasan TRටත්, Suraj Venjaramoodu නිරූපණය කළ රථවාහන පොලිස් නිලධාරී චරිතය SJ Suryahටත් ලැබෙන අයුරිනුයි මේ ප්‍රතිනිර්මාණය පිළිබඳ විස්තර දැනගන්නට ලැබෙන්නේ…

කෙසේ වුවත් නලුවන් දෙදෙනාම මේ දිනවල ගත කරන්නේ බොහොම කාර්යබහුල කාලයක්. එම නිසා මේ සිනමාපටය conform වූවත්, නිෂ්පාදන කටයුතු නම් ළඟදීම ඇරඹෙතැ යි සිතන්නත් බැහැ. SJ Suryah රඟපාන චිත්‍රපට 04ක ( Bommai, Kadamaiyai Sei, Mark Antony, Iravaakaalam) රූගත කිරීම් සහ පෙර – නිෂ්පාදන කටයුතු සිදුවෙමින් තිබෙන අතර එළඹෙන මාර්තු 25 වනදා තිරගත වන Sivakarthikeyanගේ Don සිනමාපටය හරහාත් ඔහුව දැකගන්නට හැකියාව තිබෙනවා.

Silmabarasan TR මේ දිනවල Vendhu Tanindhathu Kaadu චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම්වලට එක්වී සිටින අතර ඔහුගේ ඊළඟ චිත්‍රපටය වන Puthu Thala ද රසිකයින් මහත් බලාපොරොත්තු තබා තිබෙන නිර්මාණයක්…

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top