දේශීය

තවත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – තවත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අගුණුකොළපැලැස්ස මුලනගොඩ ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී රුපියල් මිලියන 60ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 03ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ අතර අම්බලන්තොට පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව කොක්ගල්ල ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් තුළ තිබී ඊයේ (03) මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ හෙරොයින් බවට සැකකෙරෙන මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් 22ක දමා සඟවා තිබියදී සොයාගෙන ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top