විදෙස්

ට්‍රම්ප්ගෙන් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පෙළක්

(උදයම්,ඇමෙරිකා) – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පෙළක් ප්‍රකාශයට පත් කරයි.

ඊයේ ඔහු විසින් මෙලෙස නව නීති රෙගුලාසි පෙළක් ප්‍රකාශයට පත් කළේ කලින් පැනවූ නියෝග අධිකරණය මගින් අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුවය.

මෙම නව නියෝගයට අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් සංක්‍රමණිකයන් පැමිණීම දින 90කට අත්හිටුවා තිබේ.

නමුත් ඇමෙරිකාවේ ග්‍රීන් කාඞ් පත් හිමි පුද්ගලයන්ට එය බල නොපාන බවද ධවල මන්දිරය සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top