ප්‍රමුඛ පුවත 1

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්

(උදයම්,කොළඹ )  –  මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරමින් නියඟය හරහා ඇතිවන අහිතකර බලපෑම අවම කරගන්නා ලෙස ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති කාලගුණ අනාවැකිවලට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි මාස කිහිපය තුළ වියළි කාලගුණ තත්ත්වයක් හරහා නියං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතී.

 

ඉදිරියේ දී වී වගාව ඇතුළ අනෙකුත් බෝග මෙම කාලගුණ තත්ත්වයේ බලපෑම යටතේ විනාශ වීමේ දැඩි විභගයක් පවතින හෙයින් කෘෂි කළමනාකරණ කටයුතු සඳහා දැඩි අවශ්‍යතාවයක් මතු ව ඇති හෙයින් ඒ සඳහා කෘෂිකර්ම අංශවල පූර්ණ දායකත්වය අපේක්ෂා කෙරේ.

 

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය සමඟ විශාල වැව් සහ කුඩා වැව්වල ජලය සීඝ්‍රයෙන් පහත බැසයාමේ අවදානමක් දැනට මතුව ඇති හෙයින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය වෙත මේ සඳහා ජල කළමනාකරණ කටයුතු සිදු කිරීමට දායකවන්නයැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top