එසැන පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත රෙකෝඩරය මව් සමාගමට

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත රෙකෝඩරය පිලිබද තවදුරටත් විමර්ශන කිරීමට එය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහාය අවශ්‍ය බව රජයේ රසපරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ සන්නිවේදන කටයුතු සිදුවෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගමේ සාමජිකයන්ගෙන් බහුතරයක් චීන ජාතිකයන් බැවින් භාෂා පරිවර්තකයෙකු මගින් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙනවා. වැඩිදුර විමර්ශන සදහා නෞකාවේ මුහුදු ගමන් පිලිබඳ තොරතුරු ඇතුළත් රෙකෝඩරය නිශ්පාදනය කල සමාගමේ සහය අවශ්‍ය බව රස පරීක්ෂකවරයා විසින් දැනුම් දී ඇති පසුබිමකයි එය නිශ්පාදනය කල සිංගප්පූරු නියෝජිත සමාගමේ සහය ඉදිරියේදී ලබා ගැනිමට නියමිතව ඇත්තේ.

එමෙන්ම නෞකාවේ කපිතාන්වරයා සහ මව් සමාගමත්, කපිතාන්වරයා සහ කොළඹ පිහිටි දේශීය සමාගමත් අතර හුවමාරු වූ පණිවිඩ පිලිබඳ විමර්ශන සිදු කෙරෙනවා. නෞකාවේ තිබූ කන්ටේනරයකින් කාන්දු වීම පිළිබද දැනුම්දීම පිළිබද සහ ඒ සම්බන්ධයෙන් ගත් තීරණ පිලිබද පරික්ෂවලදී විශේෂ අවධානය යොමුව තිබෙනවා. එමෙන්ම යම් පුද්ගලයෙකු අපරික්ෂාකාරී ලෙස සමුද්‍රය දූෂණය කර ඇත්නම් සමූද්‍රීය පරිසර ආරක්ෂන පනත යටතේ සිවිල් අධිකරණයකදී වන්දි සදහා පවරන නඩුවට අමතරව අපරාධමය වගකිමක් සහිතව නඩු පැවරිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ නෞකාව ගිනිගැනීම හේතුවේ ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පතට බලපෑමක් සිදුව නැති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top