ප්‍රමුඛ පුවත 1

උතුරේ හර්තාල්

(UTV|යාපනය) – උතුර පළාත පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

ඒ තුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණ ද මෙතෙක් සිය ඉල්ලීම් වලට විසදුමක් නොමැති වීම හේතුවෙනි.

මේ වන විට යාපනය, වවුනියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි සියලූම වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා ඇති බව අප වාර්තාකරුවෝ පවසති.

එමෙන්ම එම දිස්ත්‍රික්කයන්හි පාසල්වලට අද දිනයේ සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන අතර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද ආරම්භ වන නිසා ඊට සමගාමීවයි මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top