ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලුවෙන්සා ඒ h-1 n-1 වෛරසය පැතිරීම වැළක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක්  අරඹා ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

 

ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1 එන්-1 වෛරසය ආසාධනය වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

 වෛරසය ආසාධනය වු රෝගීන් තවත්  තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද රත්නායක මහතා කියයි.

 

මෙම ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1  එන්-1 වෛරසය ආසාධනය විම වලක්වා ගැනිමට සහ ආරක්ෂා වීමට  රෝහල් කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.

 

යම් පුද්ගලයකු  සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද උපදෙස් දෙන බව ද  වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top