දේශීය

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

(UTV | කොළඹ) – ආණ්ඩුව කුමන බාධක දැමුවද අද (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බහුජන සංවිධාන, වෘත්තීය සමිති සහ ජනතාව සමග පැවැත්වෙන පාගමන පිළිබඳ ඊයේ(01දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවත් අතර ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.

වර්තමාන රජයට රටේ තිබෙන ප්‍රශ්න සඳහා විසඳුම් නොමැති බැවින් ආණ්ඩුවට එරෙහි ජනතා නැගිටීම සිදු වන බවත්, ඒ සඳහා සියලු පක්ෂ එක්ව පුළුල් පෙරමුණක් සකස් කළ යුතු බවත් එම සාකච්ඡාවය සහභාගී වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

මෙම අවස්ථාවේදී මර්ධනයට එරෙහි වෘත්තීය සමිති ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමද සිදු විය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස;

“..අපේ රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විවිධ ක්‍රියාකරුවන්, පොදුජනතාව එකතුවෙලා ජනතා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන පා ගමනක් එල්ෆින්ස්ටන් රඟහල අසල සිට කොටුව දුම්රියපොළ අසල දක්වා ක්‍රියාත්මක කරන්න යෙදෙනවා. මම දැක්කා සමහර අය කියනවා අපි හෙට දවසේ නෑ කියලා.

මම කියනවා අපි හෙට දවසේ ඉන්නවා. වේලාසනින්ම ආරක්ෂක අංශ වලට කියන්න කැමතියි මේක අපේ අයිතිය, මේක රටේ නිදහස, ජනතාවගේ නිදහස අපි ඉතාමත්ම සාමකාමීව කටයුතු කරනවා. කරුණා කරලා ඒක නතර කරන්න ඉදිරිපත් වෙන්න එපා. මොකද අපේ සූදානමක් නෑ නතර වෙන්න.

එල්ෆින්ස්ටන් රඟහල අසල සිට කොළඹ කොටුව දක්වා අපි කුමන බාධක තිබුනත් අපි යනවා. නතර කරන්න උත්සහ කරන්න එන්න එපා. මේක සාමකාමී පා ගමනක්. මේකෙදි මොනම හේතුවකටවත් ප්‍රචන්ඩත්වය, හිංසනය, තර්ජනය කවුරුත් ක්‍රියාත්මක කරන්න උත්සහ දරන්නේ නෑ. හෙට දිනයේ අපිට නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න. මොනම ආකාරයකින්වත් අපි ප්‍රචන්ඩත්වය ක්‍රියාත්මක කරන්නේ නෑ…”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top