දේශීය

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

මෙවර අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර එයට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

 

“මේ අයවැය ලේඛනයේ වැරැද්දක් නෑ. මේකෙන් හැම කේෂ්ත්‍රයටම යම් ප්‍රතිපාදනයක් ලබාදීලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසය බැලුවහම මෙවැනි අයවැය ලේඛන ගේනවා, මෙවැනි යෝජනා ගේනවා කීයෙන් කීයද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වැදගත් වෙන්නේ මිනිස්සුන්ට යෝජනා නෙමෙයි. ඒවා ක්‍රියාත්මක වෙනවා ද කියන එක. අවසානයේ දී අවුරුද්ද අන්තිම වෙද්දි මේවා කොපමණ දුරට ක්‍රියාත්මක වෙනවා ද කියන එක තමා වැදගත්. ඉඩම් ගැන යෝජනාව මම 2002 දී ගෙනාවේ. ඒකම 2015 දී ගයන්ත මන්ත්‍රීතුමා ගෙනාවා. ඒ වගේම මේ බජට් එක UNP බජට් එකක්. මේකේ බොහෝ දේවල් UNP එකට කරන්න බැරි වුණ දේවල්. මේකට විරුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ පොහොට්ටුවේ අයට විතරයි.”

 

මේ අතර, අයවැය කතාව මඟින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගය සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

ඊයේ (13) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එම සාකච්ඡාව පැවති අතර ඊට ආර්ථික විශේෂඥයින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද සහභාගී වී සිටි බව වාර්තා වේ.

 

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙවර ඉදිරිපත් කර ඇත්තේ මැතිවරණ ඉලක්ක කරගත් අයවැයක් බවය.

 

රටේ මූලික ප්‍රශ්නයට පිළිතුරක් නොමැති අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

 

මේ අතර යහපාලනය තුළ පැවති යෝජනා රැසක් අයවැයට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

 

මෙම ආර්ථික ක්‍රමවේදය තුළින් ඉදිරියේ දී ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙශාන් සේමසිංහ මහතා පවසයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top